බු.ව.733 දී සිහසුනට පත් වූ කුඩ්ඩනාග හෙවත් චූලනාග රජුගේ බාල සොහොයුරාය එනම් කණිෂ්ඨ තිස්ස රජුගේ දෙවැනි පුත්‍රයාය ඔහු සිය සොහොයුරා මරා දමා රජකම හිමි කර ගත් බැව් කියවේ මහා වංශයේ සදහන් තොරතුරු නිරවුල් කර ගත යුතු බැව් දක්වන ඇතැම් ඉතිහාසඥයෝ බුජ්ජනාග භාතිය තිස්ස රජුගේ පුත්‍රයෙකු වශයෙන්ද කුඩ්ඩනාග කණිෂ්ඨ තිස්ස රජුගේ පුත්‍රයෙකු බවටද කරුණු දක්වති
කුඩ්ඩනාග කුමරු චූලනාග රජු මරා දමා සිහසුනට පත් වීම රාජ්‍යත්වය සම්බන්ධයෙන් සලකන විට එය වැරදි පූර්වාදර්ශයෙකි සිහසුන වෙනුවෙන් සොහොයුරන් ඔවුනොවුන් මරා ගැනීම රටේ අභාග්‍ය සම්පන්න තත්ත්වයට හේතුවන බව රහසක් නොවේ ඒ අනුව සලකන විට රජ පවුලේ මෙවැනි අර්බුද මතු වීම රටේ සමගියද බිදී මහජනයා පීඩාවට පත් කිරීමකි
කුඩ්ඩනාගගේ රාජ්‍ය කාලය වර්ෂයකට සීමා වුවද ඔහුගේ කාලයේද සැලකිය යුතු සිද්ධියක් වාර්තා වී ඇත එනම් නිසි කලට වර්ෂාව නොලැබීමත් වගා පාළුවීමත් හේතු කර ගෙන ආහාර හිගයක් මෙන්ම සාගත බියක් පැතිර යාමය එක් සහල් නැලියකින් ජීවත් වීම හේතු කර ගෙන එම සාගතය ඒකනාලික සාය නමින් ඉතිහාසගත වී තිබේ කෙසේ හෝ මේ සාගතයේදී ද භික්ෂූන් පන්සියයක් නමකට නොකඩවා දන් පිරිනැමීමත් අනුරාධපුරයේ මහා පාලි දන්සැල මහ ඉහළින් පවත්වා ගෙන යාමටත් රජුට හැකි විය
මේ අතර රජුගේ මහ සෙනෙවියා සේනා පිරිවරාගෙන විත් කුඩ්ඩනාග රජු පළවා හැර සිහසුන පැහැර ගත් බව ඓතිහාසික තොරතුරුවල සදහන්ය මෙම සෙනෙවියා සිරිනාග නම් වේ මොහුට සිහසුන ලබා ගැනීමට තිබූ අයිතිවාසිකම් පිළිබඳ විවිධාකාර විස්තර සදහන්ය
තවත් ලිපියකින් හමුවෙමු අප ි ගියා
නියම ලිපියක්… මම ඔයාගෙ ලිපි ඔක්කොම කියවනවා එත් කොමෙන්ට් එකක් දමන්න වෙලාවක් තිබ්බේ නැහැ……. “කුඩ්ඩනාග” නම කුඩ්ඩන්ට (හෙරොයින් පාවිච්චි කරන්නන්ට) දාන්න නියම නම…..
thanks kushi