අසේල රජතුමා


බුද්ධ වර්ෂ 328 දී රජ පැමිණි අසේල රජු බු.ව.338 දක්වා වසර දහයක කාලයක් ලංකා රාජ්‍ය පාලනය ගෙන ගියේය මුටසීව රජුගේ පුත්‍රයන් අතුරින් නව වැනියා අසේල කුමරු විය කෙසේ හෝ සේන හා ගුත්තික යන දෙදෙනාගෙන් ලක් රජය බේරා ගෙන මොහු අනුරාධපුරයේ රජවිය

අසේල රජු ගැන වංශ කථාකරුවන් විස්තර දක්වා නොතිබීම නිසා වසර දහයක් වූ ඔහුගේ රාජ්‍ය කාලය පිළිබඳව සදහන් වන්නේ ඉතා මද තොරතුරුය

අස්නැව් පුත්න්ගෙන් රජය බේරා ගෙන යළි අනුරාධපුරයේ රජකම දැරුව ද මෞර්ය අධිරාජ්‍යයේ බිද වැටීමක් සමග දකුණු ඉන්දියාවේ සුළු රාජ්‍ය ස්වාධීනව නැගී සිටීමට වෙර දැරීම නිසා ඇති වූ අයහපත් ප්‍රතිඵල අසේලගේ රාජ්‍ය සමයේදී යළිත් ඉස්මතු වන්ට ඇත එහි ප්‍රතිඵලයක් වශයෙන් සොළී රටින් පැමිණි එළාර නම් වූ දමිළයෙකු වූ එළාර අසේල මරා දමා ලංකා රාජ්‍ය අල්ලා ගත්තේය

අසේල රජුට පෙර සේන ගුත්තික දෙදෙනාගේ වසර විසිදෙකක පාලන යුගය තුළ සිංහල බලය අඩපණ වී යාම හා අසේල පාලනය භාර ගත්කද එය මැනවින් ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට ඔහුට නොහැකි වීම ද එළාරට සිහසුන පැහැර ගැනීමට පහසුවක් විය හැකි යැයි නිගමනය කෙරේ

තවත් ලිපියකින් හමුවෙමු

Leave a comment