වීර අලකේශ්වර හා ඔහුගේ බාල සොයුරු වීරබාහු ආදිපාදවරයා අතර බලය අල්ලා ගැනීම සදහා සටනක් රයිගමදී සිදුවිය මෙම සටනින් පරාද වී වීර අලකේශ්වර මුහුදින් එතෙරට ගියේය වීරබාහු මෙහෙනවර වංශයට අයත් බවත් පස්වන බුවනෙකබාහුගේ මස්සිනා මෙන්ම ඥාති සහෝදර කෙනෙකු බවත් නිකාය සංග්‍රහයේ සදහන්ය ඔහු පස්වන බුවනෙකබාහුගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයා වූ බැවින් මෙම ඥාති සම්බන්ධය ඇතිවිය රජතුමා සිය යුද්ධ හමුදාවට අවශ්‍ය පුහුණුව ලබාදී හමුදාව ශක්තිමත්ව තබාගත් නිසා කිසිදු ආක්‍රමණිකයෙකු මේ කාලයේදී රටට ඇතුළු වී නැත එහෙයින් වීරබාහු තුන් සිංහලේම එක් සේසත් කළ රජතුමෙකු විය රජතුමා ආගමේ දියුණුව පිණිසද අවශ්‍ය කටයුතු සිදුකොට ඇත දෙවන ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ශාසන සංශෝධනයක් සිදු කරන ලදී රජතුමා ගම්පොල හා උඩුදුම්බර තලගුනේද සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය රජතුමා උඩුදුම්බර අස්වැද්දූ වෙල් යායට වීරවෙල යැයි කම් කළේය වර්තමාන මිනිපේ හදගනාව රජතුමා ගොඩනැගූ සදගල නුවරයි රජතුමා සිය මාමණ්ඩියගේ රාජධානිය වූ පොළොන්නරුවට ගොස් තිබූ වැව් හා වාරි ඇළ මාර්ග අලුත්වැඩියා කොට යළි ගොවිතැන් සදහා කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය පියවර ගත්තේය එමෙන්ම එහි වෙහෙර විහාර මාලිගා ආදිය ආරක්ෂාකර ප්‍රතිසංස්කරණය කිරීමටද පියවර ගත්තේය සිය මාමා වූ දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවට කැදවාගෙන ගොස් එහිදී මෞලි මංගල්‍යයක් පැවැත්වීමටද පියවර ගත්තේය පසුව පරාක්‍රමබාහු දඹදෙණියට ආපසු කැදවාගෙන ගිය වීර නරපතියෙකි මොහු එවකට මෙරටට පැමිණි ජාවක් ආක්‍රමණිකයෙක් වූ චන්ද්‍රභාහු සමග සිය මාමා වෙනුවෙන් යුද්ධ වැදී ජාවක් හමුදාව නූතනයේ චාවාකච්චේරිය නමින් හදුන්වන ජාවක්කෝට්ටේ දක්වා පලා හැරියේය වීරබාහු යාපනේ ජාවක්කෝට්ටේ දක්වා චන්ද්‍රබාහු පලවා හැරීමට ඔහුට ආශිර්වාද කළ දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙතද ගොස් එහිදී පුද පූජා පවත්වා න්නදන නමින් එහි පිරිවෙනක්ද ඉදි කළේය පරෙවි සන්දේශය එම කරුණ වර්ණනා කරන අතර වීරබාහු රජතුමා යාපා පටුන ඉදිකළ බව කෝකිල සන්දේශයද සදහන් කරයි මේ හපන්කම් සියල්ල කළේ ඈපා පදවි දරන කාලයේය රජු වී වැඩි කලක් ගත වීමට පෙර වීරබාහු මිය ගියේය වීරබාහුගේ පුතුන් දෙදෙනා වූ දෙවන විජය ඈපා 1395 සිට 1396 දක්වා ගම්පොල මැදිවක හා පල්ලේවල සිට අවුරුද්දක් රාජ්‍යය පාලනය කර ඇත දෙවන පුතු කුමාරදිස 1396 සිට 1397 දක්වා දුම්බර වේරගම සිටද නැවත වරක් 1462 සිට 1463 දක්වා පොද්දල්ගොඩ සිටද රාජ්‍ය මෙහෙයවා ඇත ඔහුගේ තුන්වන පුත් වනරතන මහාසාමිද එකල සිටි යතිවරයෙකි වීරබාහු රජතුමා චන්ද්‍රබාහු හා කළ යුද්ධයේදී ජාවක් හමුදාව වීෂ යෙදූ ගල් ඊතල යොදාගත් බව පැවසේ රජතුමා ඒවාට නොබියව මුහුණ දී එම ආක්‍රමණිකයින් පන්නා දැම්මේය මෙරට ප්‍රථම වරට ගල් ඊතල භාවිතා වී ඇත්තේ මෙම යුද්ධයේදීය
තවත් ලිපියකින් හමුවෙමු